කොළඹ නගරයේ නිවාස ව්‍යාපෘති 5 ක් ආරම්භ කරන බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන් කර සිටියේ “ස්ථාවර රටකට සැවොම එක මඟකට” යන තේමාව යටතේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

සුළු හා මධ්‍යම පාන්තික ජනතාව වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ වන බවයි අමාත්‍යවරයා එහිදී සඳහන් කර සිටියේ.

අරුන්දික ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ මේ වන විට අතරමග නතර කර ඇති නිවාස ව්‍යාපෘති 2024 වසරට අදාළ නව අයවැය හිමිවීමත් සමඟ නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බවයි.

https://www.vnews.lk/storage/2023/10/ARUNDIKA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content