ස්ථානමාරු නියෝග ක්‍රියාත්මක නොකරන ගුරුවරුන්ගේ වැටුප් අත්හිටුවන බවට අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

පවතින ගුරු පුරප්පාඩු පිළිබද සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ක්‍රියාත්මක බවයි එම අමාත්‍යාංශය දැනුම් දෙන්නේ.

අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටියේ ස්ථානමාරු නියෝග අනුව කටයුතු කරන ලෙසට අවස්ථා කිහිපයකදීම ගුරුවරුන් දැනුවත් කර ඇති බවයි.

නමුත් ඒ පිළිබදව ඔවුන් කිසිදු තැකීමක් සිදු නොකර පෙර සිටි පාසල්වලම සේවය කරන බවට පැමිණිලි ලැබී ඇති බවද එම අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් ඇතැම් ගුරුවරුන් සේවා අවශ්‍යතාවය මත දැනට සිටින පාසල්වලම රඳවා ගැනීමට විදුහල්පතිවරුන් ඉල්ලීමක් කර ඇති අතර එවැනි ගුරුවරුන්ට මෙම තීරණය බලාත්මක නොවන බවයි අමාත්‍යාංශය පවසන්නේ.

අතිරික්ත ගුරුවරුන් සිටින පාසල්වලින් හිගව පවතින පාසල්වලට ගුරුවරුන් අනුයුක්ත කිරීමේ වැඩපිළිවෙලක් ද මේ වන විට ක්‍රියාත්මක බවටයි අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.

WhatsApp Group

Skip to content