පාර්ලිමේන්තු ආරම්භයේදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “ස්ත්‍රී පුරුෂ සාමානාත්මතාව” නමැති පනත් කෙටුම්පත පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කතානායකවරයා විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

ඒ අනුව සමස්තයක් ලෙස මෙම පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වන බැවින් පනත් කෙටුම්පත සම්මත කිරීම සදහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් සම්මත කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබෙනවා.

එසේ නොමැති නම් මෙම පනත් කෙටුම්පත පිළිබද ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන් බව කතානායකවරයා සදහන් කළා.

WhatsApp Group

Skip to content