දේශීය ආයෝජකයින් පිරිසක් විසින් අපනයනය ඉලක්ක කර ගනිමින් ඉදිරිපත් කරන ලද ස්ට්‍රෝබෙරි වගා කිරීමේ ව්‍යාපෘතියක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ අනුමැතිය හිමිව තිබෙනවා.

වාර්ෂිකව සීග්‍රයෙන් ඉහළ යන වෙළෙඳපලක් සහිත ස්ට්‍රොබෙරි අතිශය ජනප්‍රිය පලතුරක් වනවා.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය විසින් මෙම නව ව්‍යාපෘතිය සඳහා නුවරඑළිය ප්‍රදේශයේ හෙක්ටයාරයක ඉඩමක් පළමු අදියර යටතේ නියාමන ව්‍යාපෘතියක් සදහා ලබා දීමට එකඟත්වය පළ කර ඇති බව සදහන්.

නව තාක්ෂණය යොදා ගනිමින් ස්ට්‍රෝබෙරි වගාව සිදු කළහොත් වසරකට හෙක්ටයාරයකින් අමෙරිකානු ඩොලර් එක් ලක්ෂ 17,600 ක ආදායමක් උපයා ගැනිමට හැකි බවයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.

WhatsApp Group

Skip to content