නොමිලේ සහල් ලබා දීමේ වැඩසටහන මෙවරත් අප්‍රේල් සහ මැයි මාසවලට අදාළ ව ක්‍රියාත්මක කිරීමට රජය සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ මෙතෙක් කිසිදු සහනාධාර වැඩපිළිවෙළකට සහභාගී වී නොමැති පිරිස ඊට ඇතුළත් කර ගන්නා බවයි.

ඒ අනුව දැනට අස්වැසුම ලබා ගන්නා සහ ඊට අයදුම් කර ඇති පිරිස ද, මීට පෙර සමෘද්ධි ප්‍රතිලාභ ලබා අස්වැසුම අහිමි වූ පිරිස ද, වකුගඩු, වැඩිහිටි සහ ආබාධිත දීමනා ලබන පිරිස ද ඊට ඇතුළත් වනවා.

මීට අමතරව මේ සියලු සහනාධාර වැඩසටහන්වලින් මඟ හැරී ගිය පිරිසක් වේ නම් ඔවුන් මෙම වැඩසටහනට ඇතුළත් කිරීමේ බලය ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත ලබා දී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කලේ.

සහල් කිලෝ 20 බැගින් මෙවර ද තෝරාගත් පවුල සඳහා හිමි වන අතර පසුගිය වර මෙම සහනාධාරය හිමි කර ගත් පවුල් සංඛ්‍යාව ලක්ෂ 27.5ක් බව සඳහන්.

WhatsApp Group

Skip to content