ලංකා සතොස ආයතනය මගින් සහල් වර්ග 3 ක මිල අද සිට අඩු කර තිබෙනවා.

ඒ අනුව සුදු කැකුලු සහල් කිලෝග්‍රෑමයක මිල රුපියල් 10 කින් අඩුකර ඇති අතර, එහි නව මිල වන්නේ රුපියල් 165 ක්.

එසේම සුදු නාඩු කිලෝවක් රුපියල් හතකින් සහ රතු කැකුළු කිලෝවක් රුපියල් 2 කින් අඩු කර ඇති අතර, පිළිවෙලින් ඒවායේ නව මිල වන්නේ රුපියල් 168 ක් සහ රුපියල් 135 ක්.

 

WhatsApp Group

Skip to content