මෙම වසර තුළ සහල්, මුං ඇට, උඳු, කුරක්කන්, කව්පි සහ රටකජු ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.

2022 යල කන්නයේ සිට නැවතත් රසායනික පොහොර ගොවි ජනතාවට ලබා දීමට ගත් පියවරත් සමග සහල් ඇතුළු අනෙකුත් ආහාර බෝගවලින් මේ වනවිට රට ස්වයංපෝෂිත මට්ටමට ළඟා වී ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කලේ.

මෙරට වාර්ෂික සහල් අවශ්‍යතාවය මෙටි්‍රක් ටොන් ලක්ෂ 24ක් වන අතර පසුගිය මහ කන්නය සහ මෙම යල කන්නයේ අස්වැන්න සමග සහල් මෙටි්‍රක් ටොන් ලක්ෂ 27ක් නිපදවා ගැනීමට හැකිව ඇති බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ.

 

 

WhatsApp Group

Skip to content