කුකුළු මස් සහ බිත්තර සඳහා අය කරනු ලබන බදු මුදල සඳහා සහනයක් ලබා දෙන ලෙස සමස්ථ ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය ඉල්ලා සිටිනවා.

එලෙස සහනයක් ලැබුනහොත් කුකුළු මස් සහ බිත්තර මිල අඩු කළ හැකි බවයි ඔවුන් පවසන්නේ.

මේ වන විට කුකුළු මස් කිලෝග්‍රෑමයක් වෙනුවෙන් රු. 240 ක් සහ බිත්තරයක් සඳහා රු.6 ක බදු මුදලක් අය කරනු ලබනවා.

එමෙන්ම ආනයනය කරන බිත්තර සඳහා අය කරන බද්ද රුපියලක් වන බව ද එම සංගමය සඳහන් කළා.

WhatsApp Group

Skip to content