ජාතික සංහිඳියා වැඩසටහන පිළිබඳව පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයින් දැනුවත් කිරීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා .

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට දිනයේදී මෙම සමුළුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ .
මේ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් නායකයින්ට ආරාධනා කර ඇති බවද වාර්තා වනවා .

කෙසේ වෙතත් මෙම සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කිරීමට සමගි ජනබලවේගය සහ ජාතික ජන බලවේගය පක්ෂ තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ .

WhatsApp Group

Skip to content