සර්ව ජන බලය සංවිධානය කරන ජන රැළිය අද නුගේගොඩදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

69 ලක්ෂයක බලාපොරොත්තු බලගැන්වීම තේමා කර ගනිමින් මෙම ජන රැළය අද පස්වරු 2ට නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංගපීටයේදී පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

මෙම අවස්ථාවට විමල් වීරවංශ, උදය ගම්මන්පිල, මහාචාර්ය චන්න ජයසුමන, වීරසුමන වීරසිංහ, වාසුදේව නානායක්කාර, ගෙවිඳු කුමාරතුංග යන මන්ත්‍රීවරුන් මෙන්ම මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතාද එක්වීමට නියමිතයි.

WhatsApp Group

Skip to content