මෙරට සරම්ප රෝගය වැළඳුණු ළමයින් සංඛ්‍යාවේ ඉහළ යාමක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ, එවැනි ළමුන් 20ක් හඳුනාගෙන ඇති බවයි.

සරම්ප වැළඳුණු දරුවන් 7දෙනකු මේ වනවිට රිජ්වේ ආර්යා රෝහලේ ප්‍රතිකාර ලබන බව එම රෝහලේ විශේෂඥ වෛද්‍ය දිපාල පෙරේරා මහතා සඳහන් කලේ.
ඔහු පැවසුවේ, ප්‍රතිශක්තිකරණය නොවූ බොහෝ දරුවන් අතරේ යළිත් සරම්ප රෝගය පැතිර යමින් ඇති බවයි.

සරම්ප රෝගය සඳහා ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා නොගත් ළමුන් හඳුනා ගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් මේ වනවිට ක්‍රියාත්මක බවද ඒ මහතා සඳහන් කළා.

https://www.vnews.lk/storage/2023/07/DEEPAL-PERERA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content