රාජ්‍ය ආයතනවලට එල්ල වු සයිබර් ප්‍රහාරයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සිදුකළ පැමිණිල්ලකට අනුවයි මෙම විමර්ශනය ආරම්භ කර ඇත්තේ.

අමාත්‍ය මණ්ඩල කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයකට පසුගිය අගෝස්තු මස 26 වනදා සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබුණා.

මේ හේතුවෙන් අදාළ ආයතනවල විද්්‍යුත් ලිපිනයන්වල තිබු දත්ත සියල්ල අහිමි වී තිබෙනවා.

මේ පිළිබදව තොරතුරු හා සන්නිවේදන නියෝජිත ආයතනයෙන් සහ ශ්‍රී ලංකා හදිසි ප්‍රතිචාර සංසදයෙන් ද වාර්තාවක් කැඳවා තිබෙනවා.

WhatsApp Group

Skip to content