සමෘද්ධිලාභීන් සඳහා මේ මාසය තුළත් නියමිත පරිදි ප්‍රතිලාභ හිමිවන බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා .

එහි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා සඳහන් කළේ , අස්වැසුම සහනාධාර වැඩපිළිවෙළ ලබන මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ බවයි.

අස්වැසුම සහනාධාර වැඩපිළිවෙළ හරහා සමෘද්ධි ප්‍රතිලාභය අහිමි වූ පුද්ගලයින්ට ජූලි 10 වැනිදා දක්වා ඒ සඳහා අභියාචනා ඉදිරිපත් කළ හැකියි.

ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු 1924 ක්ෂණික ඇමතුම් අංකය හරහා ලබාගත හැකි වනවා. සඳුදා සිට සිකුරාදා දක්වා උදෑසන 8 ත්, 5 ත් අතර එම අංකයට ඇමතුම් ලබාදිය හැකි බවද සදහන් .

අස්වැසුම වැඩපිළිවෙළ යටතේ මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට සංවර්ධන නිලධාරී සේවා සංගමය ඊයේ පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා .

මේ අතර අස්වැසුම වැඩසටහන සඳහා සුදුස්සන් තෝරා ගැනීමේ ක්‍රියාවලියේ දී යම් අඩු පාඩුවක් සිදුව ඇත්නම් එය නිවැරදි කිරීමට රජය වහාම කටයුතු කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා .

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් සහ වැඩසටහනට සම්බන්ධ සියලු පාර්ශ්වයන් සමග ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට රජය කටයුතු සැලසුම් කර ඇති බවයි.

මේ ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් පළ කළ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා.

https://www.vnews.lk/storage/2023/06/BANDULA-THILAKASIRI-EDIT-.mp3?_=1

අස්වැසුම ප්‍රතිලාභ ලබා දීම නිසි පරිදි කළමනාකරණය කිරීමකින් තොරව වත්කම් ඇති පුද්ගලයින් පමණක් තෝරාගෙන ඇති බවටයි සංවර්ධන නිලධාරි සේවා සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන සූරියආරච්චි මහතා කියා සිටියේ.

https://www.vnews.lk/storage/2023/06/CHANDANA-EDIT.mp3?_=2

WhatsApp Group

Skip to content