ක්‍රිකට් ආයතනයේ විශේෂඥ ආරක්ෂක උපදේශක තනතුරක් ලබාගත් බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත්වල කිසිදු සත්‍යතාවයක් නොමැති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්න්කෝන් මහතා පවසනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රිකට් පාලක මණ්ඩලයේ විශේෂඥ ආරක්ෂක උපදේශක තනතුරක් සදහා තමන් බදවා ගත් බවට ලිපියක් තමන් වෙත ලැබී තිබු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එවැනි තනතුරක් බාර ගැනීම සඳහා ආයතන සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව අනුමැතියක් නොතිබුණු බැවින් එම තනතුර බාර නොගත් බවයි ඔහු සදහන් කළේ.

WhatsApp Group

Skip to content