සමාජ ආරක්ෂණ දායකත්ව බදු සංශෝධන පනත් කෙටුම්පත අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සඳහා සංශෝධිත පනත් කෙටුම්පතක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවූයේ පසුගිය ජනවාරි මස 30 වැනිදායි.

එමෙන්ම ආගමික නිදහස අහිමි කිරීම සහ ආගමික කරුණු විකෘති කිරීම වැළැක්වීම සඳහා නෛතික විධිවිධාන හදුන්වාදීමට කමිටුවක් පත්කිරීමට ද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

සියලු ආගම්වල නායකයින්, නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් සහ මාධ්‍ය හා සිවිල් සමාජ ක්‍රියාකාරින් නියෝජනය වන පරිදි අදාළ කමිටුව සමන්විත වනු ඇති.

WhatsApp Group

Skip to content