සමහරු දෙන්න එපා කියද්දිත් ගිය සතියේ ගුරුවරු රාශියකට පත්වීම් දුන් බවත් පළාත් පාලන පත්වීම ස්ථිර කළේද අභියෝග මැද බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පසුගියදා නාත්තන්ඩිය නගර ශාලාවේ පැවැති වයඹ පළාතේ ස්ථිර කරන ලද පළාත් පාලන ආයතන සේවකයින් 800ක් සඳහා පත්වීම් ලබාදීමේ අවස්ථාවට එක්වෙමිණි.

එහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා –
‟වැඩ කරන ජනතාවගේ ජීවන තත්ත්වයන් විවිධයි. වැඩ කරන ජනතාව තම අයිතිවාසිකම් වැඩිදියුණු කර ගැනීම සඳහා දරණ උත්සාහයන් අතර ඔබ අපත් සමග ගැටලුව විසඳගන්න නිරන්තරයෙන් ඉල්ලීම් කළා. කාලයක් කොන්ත්‍රාත් පදනමේ සේවය කළ ඔබ අඛණ්ඩව එය දීර්ඝ කිරීම සිදුකළේ මේ ආඩම්බර දිනය ඔබට ලබා දෙන්නයි.
ජනාධිපතිවරයාගේ පළවෙනි අයවැය ලේඛනයට කලින් අපේ තිබුණු සාකච්ඡාවේදී මේ ගැටලුව මතු වුණා. ආණ්ඩුකාරවරු හරහා කොන්ත්‍රාත් කාලය දීර්ඝ කිරීමට කටයුතු කළා. කැබිනට් පත්‍රිකා කිහිපයක් ගියා. විවිධ වාද විවාද තර්ක ඇතිවෙනවා. භාණ්ඩාගාරය අමාරු තත්ත්වයක පසුගිය කාළේ තිබුණේ. පසුගිය අවුරුදු දෙක තුළ හිස ඔසවන්න පුළුවන් වුණා. ඒ වෙනුවෙන් අපි ජනතාවට ගෞරව කරනවා. මේ දුෂ්කර කාලසීමාවේ ඒ විශ්වාසය අපි කෙරෙහි තිබ්බට. ජනාධිපතිතුමත් ඒ විශ්වාසය ඔබ කෙරෙහි තබා තිබෙනවා. රට කඩා වැටෙන්න ඉඩ තිබ්බේ නෑ. දහස් ගණනින් රස්සාවලින් දොට්ට දැම්මේ නැහැ. රටේ සංවර්ධනය නැවැත්තුවේ නැහැ. අපට පුළුවන් ආකාරයේ සෑම සේවාවකම අඛන්ඩ භාවය ඉදිරියට ගෙන ගියා.
ඔබ දැන් ස්ථීර සේවකයෝ. පළාත් පාලනය කියන්නේ මහජන සේවාවේ ප්‍රජාතන්ත්‍රවාදී මහජන නියෝජිතයින්ගේ පහළම තලයයි. සේවාවන් පවත්වාගෙන යාමේ ජන ජීවිතය දියුණු කළ හැකි ආකාරය ඔබයි තීරණය කරන්නේ. නවීකරණයේ නිරත වෙන සෑම ආයතනයකටම තාක්ෂණ දැනුම දෙන්න ජනාධිපතිතුමා තීරණය කරලා තියෙනවා. ඒ ඔබට හයියක් වෙන්නයි. ඊට වඩා වියදමක් යනවා නම් ඒ වගේ තැන්වලදී තාක්ෂණයෙන් එක කාර්යාලයක ඉඳලා මේක වෙලාද නැද්ද කියලා හොයාගන්න පුළුවන්. ආසියාවේ රටක් හැටියට මේ ගමන ඉක්මන් කරමින් ශක්තිමත් කරන්න ඕනෑ. දියුණුවේ තරඟයේ අපි ඉදිරියට ගමන් කරන්න ඕනේ.”

WhatsApp Group

Skip to content