සී .බි .එල්  සමාගම හා අනුබද්ධිත සමාගමක් වන සමපෝෂ ආයතනයේ සවිබල ගැන්වීම යටතේ පැවැත්වෙන සමපෝෂ පළාත් පාසල් ක්‍රීඩා උළෙල ගැන දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පසුගියදා කොළඹ ටාජ් සමුද්‍රා හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුනා.

මෙවර සමපෝෂ පළාත් පාසල් ක්‍රීඩා උළෙල සඳහා පළාත් පහක් ආවරණය වන අතර මීට පෙර පැවති උතුරුමැද, ඌව, වයඹ, නැගෙනහිර යන පළාත් වලට අමතරව මෙවර නව පළාත ලෙස දකුණු පළාත තරගාවලියට එක් වනවා.

ඒ අනුව මෙවර සියලු පළාත් ආවරණය කරමින් පාසල් 650 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාව 18000 ක් පමණ තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිතව තිබෙන අතර ඉසව් 650 ක් ආවරණය වෙනවා.

මෙවර තරගාවලිය ආරම්භ කරමින් වයඹ පළාත් තරග අගෝස්තු 15 සිට 18 දක්වා වෙන්නප්පුව ඇල්බර්ට් පීරිස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර සැප්තැම්බර් 01 සිට 04 දක්වා ඌව පළාත් තරග බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

එම දිනවලම දකුණු පළාත් තරග බෙලිඅත්ත ඩී. ඒ. රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර සැප්තැම්බර් 19 සිට 23 දක්වා අවසන් අදියර ලෙස නැගෙනහිර පළාත් තරග පැවැත්වෙන්නේ කන්තලේ ලීලරත්න ක්‍රීඩාංගණයේ දීයි.
මෙම තරගාවලියේ දී එක් එක් පළාත් තරග ජයග්‍රහණය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල සඳහා සුදුසුකම් ලබනවා.

මේ, ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ සී බී එල් ආහාර අංශයේ අලෙවි කළමනාකරු විජිත ගෝවින්න.

 

https://www.vnews.lk/storage/2023/08/VIJITHA-GOVINNA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content