මල්වතු මහා විහාරයෙන් ලබාදුන් අවවාද අනුශාසනා පිළිනොගෙන තවදුරටත් අන්‍ය නිකායික භික්ෂූන් වහන්සේගේ සිත් රිදවමින් ශාසනික වශයෙන්ද විශාල හානියක් සිදුකරන පිටිදුවේ සිරිධම්ම හිමියන් නොහොත් සමන්තබද්‍ර හිමියන් මල්වතු පාර්ශ්වයේ සාමාජිකත්වයෙන් නෙරපන ලෙස මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමි ඇතුළු පහතරට භික්ෂු සංවිධානය මල්වතු පාර්ශ්වයේ මහා නාහිමිගෙන් ඉල්ලීමක් කර ඇත.

මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා කීපනමක් ඊයේ (3) දින මල්වතු මහා විහාරයේදී තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදැක මෙම ඉල්ලීම කර ඇත.

WhatsApp Group

Skip to content