සමනළ වැවේ සිදුවන ජල කාන්දුව නැවැත්වීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

https://www.vnews.lk/storage/2023/09/KANCHANA-EDIT-.mp3?_=1

මේ අතර සපුගස්කන්ද පිරිපහදුව දින 20ක කාල සීමාවකට නිෂ්පාදන කටයුතුවලින් බැහැර කිරීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.

සපුගස්කන්ද පිරිපහදුවේ පෙට්‍රල් නිපදවන ඒකකයේ උත්පේරකවල සක්‍රියතාව යළි යථා තත්ත්වයට පත්කර ගැනීම මෙහි අරමුණයි.

ඒ අනුව ලබන 18 වනදා සිට ඔක්තෝම්බර් 8 වනදා දක්වා පිරිපහදු නිෂ්පාදන කටයුතුවලින් බැහැර කිරීමට සිදුවන බවයි අමාත්‍ය කංචන විජේසේකර මහතා සදහන් කළේ.

අත්‍යවශ්‍ය තාක්ෂණික කටයුතුවලින් අනතුරුව සැලසුම්කළ පරිදී ලබන මස 8 වනදා සිට නැවත පිරිපහදුව නිෂ්පාදන කටයුතු පූර්ණ ධාරිතාවයෙන් හා අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය බොරතෙල් මේ වන විටත් ඇනවුම් කර තිබෙනවා.

එමෙන්ම ඩීසල් හා භූමිතෙල් ඇතුළු සියලුම ඉන්ධන තොග සංචිත කිසිදු අඩුවකින් තොරව පවතින බවයි අමාත්‍ය කංචන විජේසේකර මහතා සදහන් කළේ.

WhatsApp Group

Skip to content