සමනල වැවෙන් උඩවලව ජලාශයට ලැබෙන ජල ප්‍රමාණය යළිත් සීමා වී ඇති බව මහවැලි අධිකාරිය පවසනවා.

එම අධිකාරිය සඳහන් කළේ, ඊයේ දිනයේ ජලාශයට ලැබුණේ අක්කර අඩි 420 ක් පමණක් බවයි.

මෙම තත්ත්වය තුළ ගොවි බිම් වෙත ජලය මුදා හැරීමේදී යළිත් දුෂ්කරතා මතුව තිබෙනවා.

උඩවලව ජලාශයේ ජල ධාරිතාව මේ වනවිට පවතින්නේ අක්කර අඩි 5000 ක් ලෙසයි.

WhatsApp Group

Skip to content