ශ්‍රීපාද සමනල අඩවියේ පැතිර යමින් පවතින කොයිනිජියා මොලිස් විද්‍යාත්මක (Koenigia Mollis) නමින් හැඳින්වෙන ආක්‍රමණශීලී ශාකය, පැතිරීම පාලනය කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විශේෂ සාකච්ඡාවක් වාරිමාර්ග අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

අදාළ ශාකය හේතුවෙන් ජෛව විවිධත්වයට ඇතිකරන බලපෑම සහ එම ශාකය ඉවත් කිරීම සඳහා විද්‍යාත්මක මෙන්ම තාක්ෂණික ක්‍රමවේදයන් හඳුනා ගැනීමට පියවර ගන්නා ලෙස මෙහිදී උපදෙස් දුන් අමාත්‍යවරිය ඒ සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් ලබා දෙන ලෙසට ද වනජීවි සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල්වරුන්ට නියම කළාය.

අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පෙන්වා දුන්නේ මෙම ශාකය ක්‍රමිකව ඉවත් කිරීම සඳහා යුනෙස්කෝ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතයින්, පරිසර සංවිධාන, විශ්ව විද්‍යාල ඇතුළු ඒකාබද්ධ විද්වත් කණ්ඩායමක් යටතේ අවශ්‍ය කඩිනම් ක්‍රියා මාර්ග ගත යුතු බවයි.

ශාකය ව්‍යාප්ත වූ ප්‍රදේශවල දේශීය ශාක මුලුමනින් ම යටපත් වී විනාශයට පත්ව ඇත. එමෙන්ම කඳු ආශ්‍රිතව අඩි 6 ත් 8 උසට වැඩෙන මෙම ශාකය කාලයත් සමඟ මූල පද්ධතිය දිරා ගොස් කඳු මුදුන් නාය යෑමට ලක්වන බව සබරගමුව විශ්ව විද්‍යාලය මඟින් සිදු කළ පර්යේෂණ වලින් තහවුරු වී තිබේ. එමෙන්ම මෙම ආක්‍රමණශීලි ශාකය ජෛව විවිධත්වයට බරපතළ බලපෑමක් කරන බව ද තහවුරු කරගෙන ඇත.

මියන්මාරය සහ නැගෙනහිර හිමාලයේ මෙම ශාකය මුලින්ම හටගෙන තිබේ. මේ වන විට එය නේපාලය සහ චීනයේ ද ව්‍යාප්ත වී ඇත.

WhatsApp Group

Skip to content