“සැමට ජයක් – සමගි රටක්“ යන තේමාව යටතේ සමගි ජන බලවේගය ප්‍රමුඛ “සමගි ජන සන්ධානය” අද නිල වශයෙන් එළිදැක්වූවා.

ඒ, කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදීයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා ලෙස පත් කර ගැනීම සඳහා ගොඩනැගෙන මෙම සන්ධානයට දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් 10 කට අධික සංඛ්‍යාවක් එක්ව සිටියා.

නිදහස ජනතා සභාව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, දමිළ ප්‍රගතිශීලි සන්ධානය සහ උතුර – නැගෙනහිර පක්ෂ කිහිපයක් එම සන්ධානයේ පාර්ශ්වකරුවන් වනවා.

WhatsApp Group

Skip to content