සබරගමුව විශ්වවිද්‍යාලයේ සියලූම පීඨවල 2020/2021 කණ්ඩායමේ ශිෂ්‍යයින් හැර අනෙකුත් ශිෂ්‍යයින්ට විශ්වවිද්‍යාලය නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව වසා දමා තිබෙනවා.

ඒ අනුව නේවාසික පහසුකම් ලබා දී ඇති සියලූම පීඨවල 2020/2021 කණ්ඩායමේ ශිෂ්‍යයින් හැර අනෙකුත් සිසුන් නේවාසිකාගාරවලින් ඉවත් විය යුතු බවයි නිවේදනයක් නිකුත් කරමින් උපකුලපතිවරයා සඳහන් කර ඇත්තේ.

තවද සියලුම පීඨවල 2020/2021 කණ්ඩායමේ ශිෂ්‍යයින් හැර අනෙකුත් ශිෂ්‍යයින් අද දින පස්වරු 4ට පසුව විශ්වවිද්‍යාල භූමියේ රැඳී සිටීම තහනම් බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් පළමු වසර සිසුන්ට කළ පහරදීමක් හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content