සපුගස්කන්ද තෙල් පිරිපහදුව සැප්තැම්බර් 18 වැනිදා සිට ඔක්තෝබර් මස 08 වැනිදා දක්වා අක්‍රිය කිරීමට  කටයුතු කර තිබෙනවා.

පෙට්‍රල් නිපදවන ඒකකයේ උත්ප්‍රේරකවල සක්‍රීයතාව නැවත පිහිටුවා යථා තත්වයට පත්කිරීමේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් පිරිපහදුවේ කටයුතු මෙලෙස අක්‍රිය කරන බවයි  විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතා කියා සිටියේ.

එම කාලය තුළ හිඟයකින් තොරව ඉන්ධන සැපයුම පවත්වාගනෙ යෑමට අවශ්‍ය ඉන්ධන තොග සහ ඉන්ධන ඇනවුම් මේ වන විටත් සම්පූර්ණ කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

WhatsApp Group

Skip to content