ඉන්දියාව විසින් යවනු ලැබූ චන්ද්‍රයාන් 3 යානය සාර්ථකව සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට ගොඩ බැස්සවීම සිදු කර තිබෙනවා.

එම යානය ඉන්දීය වෙලාවෙන් ඊයේ සවස 06.04ට සඳ මත ගොඩ බැස්සවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

චන්ද්‍රයාන් 3 යානය සාර්ථකව සඳ මත ගොඩබැස්සවීමත් සමග සඳ මතට අභ්‍යවකාශ යානයක් ගොඩබැස්සවීම සිදු කළ සිව්වන රට බවට ඉන්දියාව පත් වුණා.

මීට පෙර සෝවියට් සංගමය, ඇමරිකාව සහ චීනය යන රටවල් සාර්ථකව අභ්‍යාවකාශ යානයක් ගොඩබැස්සවීමට කටයුතු කර තිබුණා.

WhatsApp Group

Skip to content