ඉන්දියාව ඓතිහාසික සඳ තරනය කිරීමේ තුන්වන මෙහෙයුම දියත් කිරීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙහිදී චන්ද්‍රයාන් 3 නැමැති යානය කක්ෂගත කිරීම, ගොඩබෑම සහ අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට යෑමට සැලසුම් කර ඇති බවයි එම මාධ්‍ය වාර්තා වල සදහන් කර ඇත්තේ.

ඒ අනුව ලබන අගෝස්තු 23 සහ 24 යන දෙදින තුළ මෙම මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

මෙම සඳ තරනය කිරීමේ මෙහෙයුම සාර්ථක වුවහොත් ඇමරිකාව, පැරණි සෝවියට් සංගමය සහ චීනයට පසු සඳ මත මෘදු ගොඩබෑමක් සිදු කළ සිව්වන රට බවට ඉන්දියාව පත්වනු ඇති.

ඉන්දායාව මීට පෙර අවස්ථා දෙකකදී සඳ තරනය කිරීමට උත්සහ කර තිබෙනවා.

 

WhatsApp Group

Skip to content