ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 57 වැනි තරඟයෙන් කඩුළු 10ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ඊයේ සමත් වුණා.

ඒ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්.

තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ලක්නව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 165ක් රැස් කළා.

එහිදී ආයුෂ් බාදෝනී පන්දු 30දී නොදැවී ලකුණු 55ක් සහ නිකලස් පූරන් පන්දු 26දී නොදැවී ලකුණු 48ක් රැස් කිරීමට සමත් වුණා.
පන්දු යැවීමේදී බුවනේෂ්වර් කුමාර් ලකුණු 12ට කඩුලු 2ක් බිඳ හෙළුවා.

මෙහිදී සිය මංගල අයි.පී.එල් තරඟය ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවේ විජයකාන්ත් වියස්කාන්ත් පන්වාර 4ක් ක්‍රියාත්මක කළ අතර, එහිදී ඔහුට එරෙහිව ලක්නව් පිතිකරුන්ට රැස් කරගැනීමට හැකි වුණේ ලකුණු 27ක් පමණයි.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සන්රයිසස් කණ්ඩායම පන්දුවාර 9යි පන්දු 4ක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 167ක් ලබා ගනිමින් තරඟය ජයග්‍රහණය කළා.

එහිදී ට්‍රැවිස් හෙඩ් පන්දු 30දී නොදැවී වේගවත් ලකුණු 89ක් සහ අභිෂේක් ෂර්මා පන්දු 28දී නොදැවී වේගවත් ලකුණු 75ක් රැස් කරමින් සන්රයිසස් කණ්ඩායමට කඩුලු 10ක් ජයක් අත්කර දීමට සමත් වුණා.

WhatsApp Group

Skip to content