අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල ගණන් අද සිට පහල දැමීමට ලංකා සතොස ආයතනය තීරණය කර තිබෙනවා.

වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ උපදෙස් පරිදියි මෙම මිල ගණන් පහල දැමීමට තීරණය කර ඇත්තේ.

දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස ඇලවිසල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයන්ට අද දින සිට සහන මිලට ලබා ගත හැකියි.

ඒ අනුව රුපියල් 950ක් වු කිරිපිටි 400g පැකට්ටුවක මිල රුපියල් 40කින් පහල දමා තිබෙනවා.
ඊට අමතරව මුං ඇට , හාල්මැස්සන්, ආනයනික ලොකු ලුණු , කඩල සහ පාන්පිටි මිලද පහල දැමීමටයි කටයුතු කර ඇත්තේ.

තවද සුදු සිනි, සුදු කැකුළු සහල් සහ පකිස්තානයෙන් ආනයනය කරනු ලබන ලොකු ලුණු මිලද පහත දැමීමටයි ලංකා සතොස පියවර ගෙන ඇත්තේ.

 

WhatsApp Group

Skip to content