වව්නියාව නෙලුක්කුලම් ප්‍රදේශයේදී ජල ටැංකියකට වැටී මිය ගිය අවුරුදු දෙකේ දැරියගේ මළ සිරුරු මිහිදන් කිරීමෙන් සති දෙකකට පමණ පසුව සිරුර මිහිදන්කල ස්ථානයේ නොමැති බව පවසා දැරියගේ දෙමාපියන් විසින් සැප්තැම්බර් 08 වන  දින පොලීසියට පැමිණිල්ලක් දමා තිබෙනවා.

පසුගිය අගෝස්තු 26 වනදා අවුරුදු දෙකක් වයසැති නෙලුක්කුලම් ප්‍රදේශයේ පදිංචි එල්. දිව්‍යා දැරිය, ඇගේ නිවසේ ගෙමිදුලේ පිහිට ජලටැංකිය අසල සෙල්ලම් කරමින් සිටියදී දැරිය ජල ටැංකියට වැටී දියේ ගිලීමෙන් මිය ගොස් තිබුණා.

පසුව දැරියගේ මළසිරු රාසේන්ද්‍රකුලම් ප්‍රදේශයේ පිහිටි සුසාන භූමියේදී අගෝස්තු 27 වන දින මිහිදන් කොට තිබූ අතර, සැප්තැම්බර් 8 වනදා උදෑසන කාලයේදී දැරියගේ ඥාතියෙකු විසින් අදාල සුසාන භූමිය වෙතට ගොස් සිදුකරන පරික්ෂාවකදී දැරිය මිහිදන් කරන ලද වළ හාරා ඇති බව දැක තිබෙනවා.

වළ තුළ තිබූ මිණී පෙට්ටිය කඩා මළ සිරුර රැගෙන ගොස් ඇති බවට නිරීක්ෂණය වීමෙන් පසුව ඒ බව දැරියගේ දෙමාපියන්ට අදාළ ඥාතියා දැනුම් දී තිබෙනවා.

අනතුරුව දෙමාපියන්ද අදාල ස්ථානයට ගොස් පරික්ෂා කොට මළ සිරුර අතුරුදහන් බවට තහවුරු වීමෙන් පසුව ඒ පිළිබඳ නෙලුක්කුලම් පොලීසියට මෙන්ම වවුනියාව පොලීසියටද දැනුම් දීමට පියවර ගෙන තිබෙනවා.

පසුව පොලීසිය විසින් මේ වන විට පරික්ෂණ කටයුතු අරඹා ඇති අතර කිසියම් පිරිසක් අදාල සුසාන භූමියේ මිහිදන කල මළසිරුර ගොඩට ගෙන ඇති බවට සාක්ෂි ලැබී ඇති බවටත් අදාල මළ සිරුර මෙලෙස ගොඩට ගැනීමට කටයුතු කළ පිරිස් සොයා පුලුල් පරික්ෂණයක්ද අරම්භ කර තිබෙනවා.

WhatsApp Group

Skip to content