සත්‍ය සෙවීමේ කොමිසම පිළිබදව වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන දැනුවත් කර තිබෙනවා.

ඊට අදාළ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යලයේදී පැවැත්වුණා.

ඒ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන්.

ජනවාර්ගික ප්‍රශ්නයෙන් පීඩාවට පත්වු සෑම ජන කොටසකටම සත්‍ය සෙවීමේ කොමිසම ස්ථාපිත කිරීමෙන් සත්‍ය සොයා යාමට අවස්ථාව හිමිවන බවයි අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේ.

සත්‍ය සෙවීමේ කොමිසම ස්වාධින විය යුතු බවත් රජයේ වගකීම වන්නේ ඒ සදහා පහසුකම් සැපයීම පමණක් බවත් අලි සබ්රි මහතා පෙන්වා දුන්නා.

ජාත්‍යන්තරව පිළිගත් වගවීමේ ක්‍රියාවලියක අවශ්‍යතාව සහ එය ස්ථාපිත කිරීමේ රජයේ කැපවීම පිළිබදව ද අමාත්‍ය අලි සබ්රි මහතා අවධාරණය කළා.

https://www.vnews.lk/storage/2023/07/ALI-SABRY-EDIT-.mp3?_=1

මෙම අවස්ථාවට එක්ව සිටි ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ සමන් රන්නප්‍රිය මහතා සත්‍ය සෙවීමේ නව යාන්ත්‍රණය පිළිබද මෙලෙස අදහස් පල කළා.

https://www.vnews.lk/storage/2023/07/SAMAN-RATHNAPRIYA-EDIT-1.mp3?_=2

WhatsApp Group

Skip to content