වන සතුන්ගෙන් කෘෂි කර්මාන්තයට සිදු වන හානිය නැති කිරීම සඳහා සියලුම පක්ෂවල නියෝජිතයන් නියෝජනය වන පරිදි තේරීම් කාරක සභාවක් ස්ථාපිත කළ යුතු බවට කතානායකවරයාගෙන් ඉල්ලීමක් කරන බව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ සහ වාරිමාර්ග ඇමැති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පසුගියදා (07) පාර්ලිමේන්තුවේ දී පැවසුවා.

මෙම ගැටලුවට ගත යුතු තීරණයන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව විදියට එහිදී සාකච්ඡා කරන බවත් ඒ සඳහා මේ ගැටලුවට අදාල සියලු විද්වතුන් සම්බන්ධ කර ගැනීමට පියවර ගන්නා බවත් ඇමැතිවරිය මෙහිදී ප්‍රකාශ කළා.

වන සතුන්ගෙන් කෘෂි කර්මාන්තයට සිදු වන හානිය නැති කිරීම පිළිබඳ කල් තබන යෝජනාව සම්බන්ධයෙන් වූ විවාදයට එක්වෙමින් ඇමතිවරිය මේ බව සඳහන් කළා.

WhatsApp Group

Skip to content