වියළි කාලගුණ තත්ත්වයත් සමඟ සත්ත්ව මාංශ අනුභවයේ දී දැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති උපුල් රෝහණ මහතා සදහන් කළේ වියළි කාලගුණ තත්ත්වයත් සමඟ ඇතැම් පිරිස් වසවිස මිශ්‍රකර සතුන් දඩයම් කිරීමට පෙළඹී ඇති බවයි.

එවැනි මාංශ ආහාරයට ගැනීම ජීවිත අවදානමකට ලක්කර ගැනීමක් බව උපුල් රෝහණ මහතා සඳහන් කළා.

https://www.vnews.lk/storage/2023/08/UPUL-ROHANA-EDIT.mp3?_=1

මේ අතර මාළු මිල සම්බන්ධයෙන් ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා අදහස් පලකළා.

ඔහු කියා සිටියේ මාළු පාලනයට රජය අපොහොසත් වී ඇති බවයි.

https://www.vnews.lk/storage/2023/08/ASELA-SAMPATH-EDIT-.mp3?_=2

WhatsApp Group

Skip to content