විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මාධ්‍ය ලේකම් රංජිත් කුමාර සමරකෝන් එම ධූරයෙන් ඉවත්වීමත් සමග විපක්ෂ නායකවරයාගේ සහ සමගි ජන බලවේගයේ සමාජ මාධ්‍ය පිටු මෙහෙයවූ ෆේස් බුක් ඇඩ්මින්වරුන්ද එම තනතුරුවලින් ඉවත්වී තිබෙනවා.

ඒ අනුව සජිත් ප්‍රේමදාසගේ නිල ෆේස් බුක් පිටුවේ සියලුම කටයුතු මෙහයවූ මොහොඩම් මාෆීර් නැමැති ඇඩ්මින්වරයා පසුගිය සතියේදී ඉවත්ව තිබෙන බවද සමගි ජන බලවේගයේ ආරංචිමාර්ග සඳහන් කරනවා.

සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකයවරයාගේ මාධ්‍ය ලේකම්වරයා හරින් ප්‍රනාන්දු ඇමැතිවරයාගේ පුද්ගලික ලේකම් ලෙස පත්වීම් භාරගෙන ඇති අතර මෙහොමඩ් මාෆීර් නම් ෆේස් බුක් ඇඩ්මින්වරයා පසුගිය සතියේදී මනුෂ නානායක්කාර අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකයේ පත්වීමක් ලබාගෙන ඇත.

රංජිත් කුමාර සමරකෝන්ගේ ඉල්ලා අස්වීමෙන් පසුව මෙම ෆේස් බුක් ඇඩ්මින්වරුන් එම තනතුරුවලින් ඉල්ලා අස්වී තිබෙන බවද පක්ෂ ආරංචිමාර්ග සඳහන් කරනවා.

තමන්ගේ ෆේස් බුක් ඇඩ්මින්වරුන් ඉවත්වීමෙන් පසුව සියලුම සමාජ මාධ්‍ය මෙහෙයවීම් කටයුතු, දැන්වීම් ප්‍රචාරක ආයතනයක් වෙත භාරදෙන ලෙසට විපක්ෂ නායකවරයා දැනුම්දී තිබෙන බවද සමගි ජන බලවේගයේ ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

WhatsApp Group

Skip to content