තරග පාවා දීමට යෝජනා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ලබන 15 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කර තිබෙනවා.

අද පෙරවරුවේ ක්‍රීඩා දූෂණ විමර්ශන අංශයට ඉදිරිපත් වීමෙන් අනතුරුව එම අංශයේ නිලධාරින් විසින් ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවා.

ඉන් අනතුරුව සචිත්‍ර සේනානායක අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ලබා දී තිබෙනවා.

WhatsApp Group

Skip to content