නැවතී ඇති අත්යාවශ්ය සංවර්ධන ව්යාපෘති නැවත ආරම්භ කිරීම සඳහා රුපියල් මිලියන 8,750ක අතිරේක ප්රතිපාදන වෙනුවෙන් පාර්ලිමේන්තුවේ අනුමැතිය ඉල්ලා ඇත්තේ ණය ප්රතිව්යුහගතකරණ වැඩසටහන අවසන් වූ පසු නැවත පියවීමේ අපේක්ෂාවෙන් බව මුදල් රාජ්ය අමාත්ය ෂෙහාන් සේමසිංහ මහතා කියයි.
එබැවින් මෙය වෙන් කර ඇති ප්රතිපාදන ප්රමාණවත් නොවීම හේතුවෙන් සාම්ප්රදායිකව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පරිපූරක ඇස්මේන්තුවක් නොවන බව හෙතෙම අවධාරණය කරයි.
නැවත පියවීමේ අපේක්ෂාවෙන් ලබා ගන්නා මෙම මුදල හේතුවෙන් අයවැය පරතරයට කිසිදු බලපෑමක් ඇති නොවන බවයි අමාත්යවරයා සඳහන් කරන්නේ.
පසුගිය වසර කිහිපයක තුළ පැවැති ආර්ථික අර්බුදය හේතුවෙන් ඇතැම් සංවර්ධන ව්යාපෘති ණය ප්රතිව්යුහගතකරණ ක්රියාවලිය අවසන් වන තෙක් අත්හිටුවීමට සිදු විය.
ග්රාමීය මාර්ග, පාලම්, කුඩා වැව්, ඇළ මාර්ග, ග්රාමීය රෝහල් සහ පාසල් වැනි ව්යාපෘති අතරමග නැවතීම හේතුවෙන් බොහෝ පිරිසක් පීඩාවට පත්ව ඇති අතර ඒ සම්බන්ධයෙන් මහජන නි‍‍යෝජිතයන්ගෙන් සේම විවිධ සංවිධාන මගින් ද ඉල්ලීම් ඉදිරිපත්ව ඇති බවයි අමාත්යවරයා සඳහන් කළේ.
ණය ප්රතිව්යුහගතකරණය අවසන් වූ විගස මෙරට සංවර්ධන ව්යාපෘති සාමාන්ය පරිදි ආරම්භ කරන බව අමාත්යවරයා වැඩිදුරටත් පැවැසීය.

WhatsApp Group

Skip to content