පින්නවල සහ කිතුල්ගල සංචාරක කොරිඩෝව, ගලිගමුව අවධි නගර ව්‍යාපෘතිය කේන්ද්‍ර කර ගනිමින් සංවර්ධනය කිරීමේ තුන් අවුරුදු වැඩසටහන ඇරඹීම වෙනුවෙන් නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවකට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා එක් විය.

එම වැඩසටහනේ පළමු වර්ෂය සඳහා මෙවර අයවැය ලේඛනයෙන් වෙන් කර ඇති මුදල මිලියන 750 කි.

කෑගලු දිස්ත්‍රික්කය ජෛව විවිධත්වයෙන් සහ ඓතිහාසික වශයෙන් සංචාරක ආකර්ෂණයක් සහිත වන අතර භූවිෂමතාව සහ වෙනත් සුවිශේෂී සංස්කෘතික වටිනාකම් රාශියකින් යුතු දිස්ත්‍රික්කයකි.

WhatsApp Group

Skip to content