මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයන්ට සංචාරක ක්ෂේත්රය තුළ පැනනගින නොයෙක් ගැටලු නිරාකරණය කර දීම සඳහා සහ ආයෝජන ක්ෂේත්රය තුළ දෙස් විදෙස් ආයෝජකයන්ට ඇතිවිය හැකි ගැටලු නිරාකරණය කර දීම සඳහා ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති අසංක කරවිට මහතාගේ ප්රධානත්වයෙන් විශේෂ ඒකකයක් ශ්රී ලංකා පොලීසිය තුළ ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්රමසිංහ මැතිතුමා විසින් උපදෙස් දී ඇත.
ඒ අනුව ආයෝජන ප්රවර්ධන ක්ෂේත්රය තුළ ආයෝජකයින්ට ඇතිවන ගැටලු සහ ඒවාට පිළියම් යොදන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට ආයෝජන ප්රවර්ධන රාජ්ය අමාත්ය දිලුම් අමුණුගම මහතාගේ, ජ්යෙෂ්ඨ නි. පොලිස්පති අසංක කරවිට මහතාගේ සහ පොලිස් මාධ්ය ප්රකාශක නියෝජ්ය පොලිස්පති නිහාල් තල්දූව මහතාගේ සහභාගීත්වයෙන් ආයෝජන ප්රවර්ධන අමාත්යංශයේ දී පසුගියදා (09) විශේෂ හමුවක් පැවැත්විණි.
මෙහි දී ආයෝජන ප්රවර්ධන අමාත්ය දිලුම් අමුණුගම මහතා විසින් ආයෝජන ක්ෂේත්රය තුළ ආයෝජකයින්ට මෙතෙක් ඇති වූ සහ ඉදිරියේ දී ඇති විය හැකි නොයෙක් ගැටලු සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කර ඒ සඳහා ක්රියාත්මක විය හැකි ආකාරය පිළිබඳව ද අදහස් හා යෝජනා ඉදිරිපත් කර තිබේ
මීට අමතරව සංචාරක ක්ෂේත්රය තුළ ද සංචාරකයන්ගෙන් අයුතු ලෙස මුදල් ගැනීම, ඔවුන්ට හිරිහැර කිරීම ආදී ක්රියාවන්ට එරෙහිව කඩිනමින් ක්රියාත්මක වීමට ඉදිරියේ දී මෙම ඒකකය විශාල කාර්යභාරයක් ඉටු කරනු ඇත.

WhatsApp Group

Skip to content