වසරේ මාස අටක කාලය තුළ සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 2.16 ක් උපයා ඇති බව මහ බැංකුව පවසනවා.

එය පෙර වසරට සාපේක්ෂව සියයට 66 ක වර්ධනයක් බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.

එමෙන්ම පසුගිය වසර තුළ සංචාරක කර්මාන්තයෙන් ඉපයූ සමස්ත ආදායම් ඉලක්කය මේ වසරේ මුල් මාස 8 තුළ සපුරා ඇති බවද මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කළා.

WhatsApp Group

Skip to content