කොවිඩ් ගෝලීය වසංගතය හේතුවෙන් පනවා තිබූ සීමා ඉවත් කරමින් විදෙස් සංචාරකයින් වෙනුවන් වසර 3කට පසුව සියලුම ආකාරයේ වීසා නිකුත් කිරීමට චීනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව හෙට සිට සියලුම ආකාරයේ වීසා නිකුත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

පසුගිය වසරේ අගභාගයේදී කොවිඩ් සීමා ලිහිල් කිරීමට තීරණය කළේ ඊට එරෙහිව රටපුරා මතුවූ විරෝධතා හේතුවෙන්.

හෙට සිට රට සම්පූර්ණයෙන් සංචාරකයින්ට විවෘත කෙරෙන්නේ ද කොවිඩ් සීමා ලිහිල් කිරීමේ අවසන් පියවර ලෙසයි .

WhatsApp Group

Skip to content