සංචාරකයින්ට පැමිණීම සදහා ලොව සුදුසු රටවල් අතරට ශ්‍රී ලංකාව ද නම් කර තිබෙනවා.

ජාත්‍යන්තර සංචාරක වෙබ් අඩවියක් වන බිග් සෙවන් ට්‍රැවල් වෙබ් අඩවිය විසිනුයි මෙය ප්‍රකාශයට පත්කර ඇත්තේ.

ඒ අනුව සංචාරය කිරීම සදහා ලෝකයේ හොදම දූපත් 50 අතරට ශ්‍රී ලංකාව ද එක්වනු ඇති.

එම ලැයිස්තුවේ ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 13 වන ස්ථානයයි.

අදාල වෙබ් අඩවිය මගින් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාව මිත්‍රශීලි ආගන්තුක සත්කාර දැක්වීම තුළින් ඉදිරියෙන් සිටින බවයි.

එමෙන්ම පෞරාණික නටඹුන් නැරඹීමේ හැකියාව සහ වෙරළේ සුන්දරත්වය පිළිබදවද අදාල දර්ශකය සකස් කිරීමේදී අවධානය යොමුකර තිබෙනවා.

WhatsApp Group

Skip to content