සංචාරක කර්මාන්තය ප්රවර්ධනය උදෙසා මෙරටට පැමිණෙන සංචාරකයින්ට අවශ්ය වෛද්ය පහසුකම් ලබාගැනීමට සංචාරක ප්රදේශවල රෝහල් තුළ සංචාරකයින් සඳහා වෙනම රෝහල් වාට්ටු ක්රියාත්මක කිරීමට පියවර ගනිමින් සිටී.
ඒ පිළිබඳ සාකච්ඡාවක් සංචාරක හා ඉඩම්, ක්රීඩා හා යෞවන කටයුතු අමාත්ය හරීන් ප්රනාන්දු මහතා, කර්මාන්ත සහ සෞඛ්ය අමාත්ය වෛද්ය රමේෂ් පතිරණ මහතා සහ නිලධාරීන් අතර පැවැත්විණ.
ඒ සඳහා සෞඛ්ය අමාත්යංශය සමඟ එක්ව පොතුවිල්, දියතලාව, දඹුල්ල සහ තිස්සමහාරාම යන රෝහල් තුළ මෙම ව්යාපෘතිය ක්රියාත්මක කිරීම පිළිබඳ මෙහි දී සාකච්ඡා කර තිබේ.

WhatsApp Group

Skip to content