මෙම වසරේ පළමු මාස 03 ඇතුළත සංචාරකයින් 6 ලක්ෂ 35,784 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

එමඟින් උපයා ඇති ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,025 ක් බව අමාත්‍යවරයා සඳහන් කළා.

වසරක් තුළ මෙරටට පැමිණි වැඩිම සංචාරකයින්ගේ සංඛ්‍යාව මෙම වසරේ දී වාර්තා වීමට ඉඩ තිබෙන බව ද ඔහු කියා සිටියා.

මේ වන විට වසරක දී වැඩිම සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ 2018 වසරේ දී වන අතර එම සංඛ්‍යාව ලක්ෂ 23 ක් බවයි සඳහන් වන්නේ.

WhatsApp Group

Skip to content