පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ගත වු මාස කිහිපය තුළ මෙරටට සංචාරකයින්ගේ පැමිණීම ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව සංචාරකයින් 608,489 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

මේ මාසය තුළ මෙරටට සංචාරකයින් 84,003 දෙනෙකු පැමිණ තිබෙන අතර ඉන් වැඩි සංඛ්‍යාවක් ඉන්දීය ජාතිකයින් වනවා.

ඊට අමතරව රුසියාව, බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ජර්මානිය, චීනය ඇතුළු රටවලින් සංචාරකයින් එම කාලය තුළ දිවයිනට පැමිණ තිබෙනවා.

 

WhatsApp Group

Skip to content