ප්‍රවීණ ගායන ශිල්පී සනත් නන්දසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අභාවප්‍රාප්ත වන විට නන්දසිරි මහතා 81 වන වියේ පසු වූවා.

ශ්‍රී ලංකා ගායක ගායිකාවන්ගේ සංගමයේ සභාපති ජානක වික්‍රමසිංහ මහතා කියා සිටියේ කලක් තිස්සේ රෝගාතුරව සිටි සනත් නන්දසිරි මහතා, ඒ මහතාගේ නිවසේදීම අභාවප්‍රාප්ත වී ඇති බවයි.

දෝන අමලින් කටුගම්පොල සහ විලියම් පෙරේරා යන දෙපළට දාව 1941 පෙබරවාරි මස 15 වන දින උපත ලද සනත් නන්දසිරි මහතා ගොතටුව මහ විද්‍යාලය, සෙන්ට් මැතිව්ස් කොලේජ් සහ මහාබෝධි මහා විද්‍යාලයෙන් අධයාපනය ලබා තිබෙනවා.

මල්කාන්ති පීරිස් සමගින් සනත් නන්දසිරි මහතා විවාහ වූවා.

සනත් නන්දසිරි මහතාගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් පසුව දැනුම් දෙන බවයි පවුලේ ඥාතීන් පවසන්නේ.

WhatsApp Group

Skip to content