සංකේත වර්ජනය හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුවේ සහ අනෙකුත් තැපැල් ස්ථානවල ලිපි සහ භාණ්ඩ ලක්ෂ පහළවත් විස්සත් අතර ප්‍රමාණයක් සිර වී ඇති බව තැපැල් වෘත්තීය සමිති පවසනවා.

මහනුවර සහ නුවරඑළිය තැපැල් කාර්යාල පිහිටි ගොඩනැගිලි සංචාරක හෝටල් ආරම්භ කිරීම සදහා ලබාදීමට විරෝධය පළ කරමින් පෙරේදා මධ්‍යම රාත්‍රියේ මෙම සංකේත වර්ජනය ආරම්භ කෙරුණු අතර එය අද  මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතයි.

කෙසේ වෙතත් වර්ජනය අතරතුර තැපැල් සේවය අත්‍යවශ්‍යය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කරමින් ජනාධිපතිවරයා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content