ෂැන්ෂාන් සුළි කුණාටුව සම්බන්ධයෙන් ජපානයට කාලගුණ අනතුරු අඟවා තිබෙනවා.

සුළි කුණාටුව මේ වන විට ජපානයේ අමාමි ඔෂිමා දූපත අසල සාගරය හරහා ගමන් කරන අතර මෙම සතිය අගදී එය ඉතා ප්‍රබල කුණාටුවක් දක්වා වර්ධනය විය හැකියි.

සුළගේ වේගය පැයට කිලෝමීටර් 162 දක්වා විය හැකි අතර, සුළි කුණාටුව ජපානය හරහා අතිශය තද සුළං ගෙන එනු ඇති බවයි අපේක්ෂා කෙරෙන්නේ.

ජපානයේ ඇතැම් ප්‍රදේශවලට ඉදිරි පැය 24 තුළ මිලිමීටර් 300 සිට 400 දක්වා වර්ෂාපතනයක් ඇති විය හැකි බවයි සදහන් කරන්නේ.

තද සුළං, අධික රළ සහ අධික වර්ෂාපතනය සඳහා සූදානම් වන ලෙස ජපානයේ කාලගුණ ඒජන්සිය එරට ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

WhatsApp Group

Skip to content