ව්‍යපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට අදාළ පරීක්ෂණවලදී රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකළ භාණ්ඩවලට අදාළ පරීක්ෂණ වාර්තා මෙතෙක් ලැබී නොමැති බැවින් එම වාර්තා කඩිනමින් කැඳවීමට පියවර ගන්නා ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

මෙම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී මහෙස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පෙන්වා දුන්නේ මෙම පරීක්ෂණයට අදාළව රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකරන ලද ලේ සාම්පල ඇතුළු ද්‍රව්‍යවලට අදාළ වාර්තා මෙතෙක් ලැබී නොමැති බවයි.

එම වාර්තා ලැබීමේ ප්‍රමාදයක් තිබෙන බව සඳහන් කළ මහෙස්ත්‍රාත්වරිය ඒවා කඩිනමින් කැඳවීමට පියවර ගන්නා ලෙසත් අවශ්‍ය නම් රජයේ රස පරීක්ෂකවරයා වෙත සිහිකැඳවීම් යොමුකිරීමට හැකියාව තිබෙන බවත් විවෘත අධිකරණයේ පැවසුවා.

ඉන් අනතුරුව පැමිණිල්ල ලබන 28 වනදා කැඳවන ලෙසත් ඇය නියෝග කළා.

WhatsApp Group

Skip to content