ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව අද ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ නිවේදනය කලා.

ඒ මහතාගේ මරණයට හේතු සෙවීම සඳහා අධිකරණය විසින් පත්කරනු ලැබූ විශේෂඥ පංච පුද්ගල වෛද්‍ය කමිටුව විසින් සිය වාර්තාව ඊයේ අධිකරණයට භාරදීමෙන් අනතුරුව මේ බව නිවේදනය කිරීමටයි කටයුතු කළේ.

මුද්‍රා තබා තිබූ එම වාර්තාව භාරගත් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය අනතුරුව ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව අද දින ප්‍රකාශයට පත්කරන බව ප්‍රකාශ කළා.

WhatsApp Group

Skip to content