ආයෝජන සහ ව්‍යාපාර සදහා ශ්‍රී ලංකාව නැවත වරක් ජාත්‍යන්තර ගමනාන්තයක් වනු ඇති බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ තායිලන්තයේ පැවති ආසියා ෆැසිපික් කලාපයේ ආර්ථික හා සමාජ කොමිසමේ සංසදයට එක්වෙමින් .

මෙම සංසදය සාමාජික රටවල් 53ක් සහ ආශ්‍රිත සාමාජිකයන් 9 දෙනා අතර සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සහ තිරසාර සංවර්ධන අභියෝගවලට විසදුම් සෙවීම සදහා කටයුතු කරනු ලබනවා .

මෙහිදී ශ්‍රී ලංකාව සෙසු රටවල සහයෝගය ඇතිව දෘෂ්‍යමාන ආර්ථික ස්ථාවරත්වයක් කරා පැමිණ ඇති ආකාරය පිළිබදවද රාජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කිරීමක් සිදු කළා.

WhatsApp Group

Skip to content