ශීත ඍතුවේදී මත්තලට සංචාරකයන් 68, 000 ක් රැගෙන ඒමේ වැඩසටහන අද ආරම්භ කෙරුණා.

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාගේ සංකල්පකයකට අනුව මෙහි පළමු අදියර යටතේ අද පස්වරුවේ මොස්කව් ගුවන් තොටුපළේ සිට මත්තලට මගීන් 410 දෙනෙකු පැමිණීමට නියමිතයි.

එමෙන්ම සතියකට ගුවන් යානා 6 කින් රුසියාවේ මොස්කව්, කසාන්, සෝචි සහ සමාරා ඇතුළු නගර 6 ක සිට ගුවන් යානා 160 කින් සංචාරකයින් 68,000ක් මෙරටට ගෙන්වා ගැනීමට නියමිතයි.

මෙම වැඩසටහන මගින් ඩොලර් මිලියන 102 ක විදේශ විනිමයක් ඉපයිමටයි රජය සැලසුම් කර තිබෙන්නේ.

WhatsApp Group

Skip to content